ක්‍රීඩා

LPL තරඟාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතුරින් වටිනාම 5 දෙනා මෙන්න

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සංවිධානය කරන ‘ලංකා ප්‍රිමියර් ලීග්’ (LPL) 20 – 20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වීම වෙනුවෙන් විදෙස් ක්‍රීඩකයන් 420 ක් පමණ අයදුම් කර ඇති අතර , ඒ් අතුරින් ක්‍රීඩකයන් 150ක් ක්‍රීඩක වෙන්දේසිය සඳහා සුදුසුකම් ලබා ඇති බවත් ක්‍රිකට් ආයතනය පසුගියදා නිවේදනය කළේය.

අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ අදාළ ක්‍රීඩක වෙන්දේසිය ඔක්තෝබර් මස 1 වැනිදා පැවැත්වීමට නියමිතය.

එහිදී තරග වදින කණ්ඩායම් 5 සඳහා එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයන් 6 දෙනෙකු බැගින් වන පරිදි ක්‍රීඩකයන් 30 දෙනකු තෝරා ගැනීමට නියමිතව ඇත.

එහිදී කොදෙව් සුපිරි ක්‍රීඩකයන් වන ක්‍රිස් ගේල්, ඩැරන් සමී, ඩැරන් බ්‍රාවෝ යන ක්‍රීඩකයන් ද පාකිස්තානයේ ශහීඩ් අෆ්රිඩි, එංගලන්තයේ රවී බොපාරා සහ ජොනී බෙයාස්ටෝ, නවසීලන්තයේ කොලින් මුන්රෝ සහ ලුක් රයිට් මෙන්ම දකුණු අප්‍රිකාවේ වර්නන් පිලෙන්ඩර් ද ඉදිරියෙන්ම පසුවන බවද සඳහන් කර තිබිණි.

එමෙන්ම ඉන්දීය ක්‍රීඩකයන් වශයෙන් මුනාෆ් පටෙල්, ප්‍රවීන් කුමාර්, මන්ප්‍රිට් ඝෝනි සහ ෂදාබ් ජකාති යන ක්‍රීඩකයන් ද අදාළ වෙන්දේසිය සඳහා සුදුසුකම් ලබා තිබේ.

මේ අතර මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතුරින් වටිනාම ක්‍රීඩකයන් (Icon Players) 5 දෙනා ලෙස ඇන්ජිලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, තිසර පෙරේරා, දසුන් ශානක හා කුසල් ජනිත් නම් කර ඇති බවද සඳහන්.

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් මස 6 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස පිටිය, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

Related posts

ධනුෂ්ක ට ක්‍රිකට් තහනමක්

Mohamed Dilsad

මුත්තයියා මුරලිදරන්ගේගේ ක්‍රිකට් දිවිය සිනමා නිර්මාණයකට

Mohamed Dilsad

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ජයසුරියගෙන් නිදහසට කරුණු විමසයි

Mohamed Dilsad

Leave a Comment