දේශීය

20 ගැන සෙවූ කමිටුවේ වාර්තාව අද කැබිනට් මණ්ඩලයට

(UTV | කොළඹ) – 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන අධ්‍යයනයට පත් කළ කමිටුවේ වාර්තාව අද (16) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ භාරදුන් මෙම 20 වන සංශෝධනය සම්බන්ධයෙන් අලුතින් එක් කළ යුතු කරුණු සහ සංශෝධනය විය යුතු කරුණු පිළිබදව ද අදාළ වාර්තාවේ සඳහන් වෙයි.

කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් මෙම කමිටුවේ සභාපතීත්වය දරනු ලැබුවේ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා විසින්.

Related posts

දුම්රිය සහ ලංගම විසින් අද සිට සේවයට එන අයට ප්‍රවාහන පහසුකම්

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහගේ ඡන්ද ලකුණ ගෑස් සිලින්ඩරය

Editor O

ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ රිෂාඩ් බදියුදීන් අතර සාකච්ඡාවක්

Editor O

Leave a Comment