විදෙස්

ජපානයේ නව අගමැති පත්වෙයි

(UTV |ජපානය) – හිටපු අගමැති ෂින්සෝ අබේගේ ඉල්ලා අස්වීමෙන් පසු ජපානයේ පාර්ලිමේන්තුව විසින් රටේ නව අගමැති ලෙස යොෂිහයිඩ් සුගා තෝරාගෙන තිබේ.

හිටපු අග්‍රාමාත්‍යවරයාගේ සමීප මිතුරෙකු වන නව අගමැතිවරයා, හිටපු අගමැතිවරයාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යනු ඇතැයි එරට ජනතාව  අපේක්ෂා කරයි.

අසනීප තත්ත්වය සඳහන් කරමින් ෂින්සෝ අබේ පසුගිය මාසයේදී සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේය.

පසුගිය බදාදා අබේ මහතා සිය අවසන් කැබිනට් රැස්වීම පවත්වා මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ වසර අටකට ආසන්න කාලයක් බලයේ සිටි කාලය තුළ ඔහු ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව ආඩම්බර වන බවයි.

ජපානයේ පහළ මන්ත්‍රණ සභාව වන ඩයට් හි පැවති ඡන්ද විමසීමේදී  462 න් 314 ක් ලබා ගනිමින් සුගා මහතා පහසුවෙන් අගමැති ධුරය සඳහා  ජයග්‍රහණය කළේය.

Related posts

නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක්

Mohamed Dilsad

ඇමරිකානු නව ජනපතිට ඉන්දීය අගමැතිගෙන් සුබ පැතුම්

Mohamed Dilsad

බංගලාදේශයේ වෛද්‍යවරුන් සිය ගණනකට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment