ව්‍යාපාරික

ජංගම දුරකථන ග්‍රාහකයන් 3,28,84009 ක්

(UTV | කොළඹ) – 2019 වර්ෂය වනවිට මෙරට ග්‍රාහකයන් සතුව ජංගම දුරකථන තුන්කෝටි විසිඅට ලක්‍ෂ අසූහතරදාස් නවයක් තිබෙන බව පසුගිය වර්ෂය සඳහා නිකුත් කළ මහ බැංකු වාර්තාවේ සඳහන් කර තිබේ.

ඒ අනුව පුද්ගලයන් 100 දෙනෙකු ගත් විට ඔවුන් සතුව ජංගම දුරකථන 161 ක් පමණ තිබෙන බව අදාළ වාර්තාවෙහි සඳහන්.

මීට අමතරව 2019 වර්ෂය වනවිට ග්‍රාහකයන් එක්කෝටි තිස්හතර ලක්‍ෂ අටදාස් හාරසියය තුනක් ජංගම දුරකථනද ඇතුළුව අන්තර්ජාල සේවාවන් භාවිත කරන බවද මහ බැංකු වාර්තාවේ සඳහන් කර ඇත.

මෙම සියලු දත්ත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් සහ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් දක්වා ඇත.

Related posts

සහල් වැඩි මිලට විකුණුවොත් දඩ

Mohamed Dilsad

පාන් ගෙඩියක් 190ට දෙයි

Mohamed Dilsad

පොහොසත් රටේ ලස්සන ජීවිතය උදාවෙයි. ආනයනය කරන වාහන සඳහා බදු ප්‍රමාණය සියයට 300 සිට 500 දක්වා වැඩි විය හැකියි.

Editor O

Leave a Comment