ක්‍රීඩා

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට එක්වන පළමු ඇමරිකානුවා

(UTV | ඇමරිකාව) – ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට එක්වන පළමු ක්‍රීඩකයා බවට අලී ඛාන් පත්විය.

උරහිසේ ආබාධයක් හේතුවෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් ඉවත්වූ එංගලන්ත ක්‍රීඩක හැරී ගර්නි වෙනුවට ආදේශක ක්‍රීඩකයා ලෙස අලී ඛාන් ගිවිසුම් අත්සන් කර ඇති බව කොල්කටා නයිට් රයිඩර්ස් පිල පසුගියදා තහවුරු කළේය.

29 හැවිරිදි අලී ඛාන් පසුගියදා අවසන්වූ කැරිබියන් ප්‍රීමියර් ලීග් තරඟාවලියේදී තරග 12 කින් අපරාජිතව සිටි ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කළේය.

පාකිස්තානයේදී උපත ලබා ඇති අලි ඛාන් එක්දින ජාත්‍යන්තර තරගයකට සහ විස්සයි – 20 ජාත්‍යන්තර තරග 36 කට ක්‍රීඩාකර ඇත.

අලී ඛාන් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් සහ පාකිස්තාන සුපර් ලීග් තරඟාවලියට ද සහභාගී වී තිබේ.

Related posts

ශ්‍රී ලංකා – එංගලන්ත 3 වන පන්දුවාර විස්සයි විස්ස තරගය හෙට

Mohamed Dilsad

එංගලන්ත නායක ඉයන් මොර්ගන් පසු ගිය තරඟය ගැන කියයි

Mohamed Dilsad

ලෝක කුසලාන ක්‍රිකට් තරගය පාවා දීමේ ප්‍රකාශයට අමාත්‍යංශ ලේකම්ගෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment