දේශීය

සේවකයින් වැඩ නොකිරීම රටටම බලපාන පොදු ප්‍රශ්නයක් – ජනපති

(UTV |කොළඹ) – තම නිරීක්ෂණයට අනුව කිසිවෙකු වැඩ නොකිරීම රටටම බලපාන පොදු ප්‍රශ්නයක් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ මේ වන විට වැඩ නොකිරීම හරහා රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයම මන්දගාමී වීම කණගාටුවට කරුණක් බවයි.

ඊට නිදසුනක් වන්නේ කොළඹ නගරයේ සහ තදාසන්න නගර කිහිපයක සිදු කෙරෙමින් පවතින ඉදිකිරීම් එකම මට්ටමක තිබීම බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ මධ්‍යම පාන්තිකයන්ගේ ආදායමට ගැලපෙන මහල් නිවාස ඉදිකිරීමට අවශ්‍ය ඉඩම් නොමිලේ සපයන බවයි. උතුරේ සුබසාධන කඳවුරුවල වෙසෙන ජනතාවට නිවාස තනා කඩිනමින් පදිංචි කරවීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

Related posts

තිරිඟු පිටි රුපියල් දහයකින් ඉහළට

Mohamed Dilsad

විශ්‍රාමිකයන්ගේ දැවැන්ත විරෝධතාවයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ කොවිඩ්-මරණ 63 කින් ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment