දේශීය

නීතිවිරෝධී ලෙස ගෙන්වූ සුවඳ විලවුන් හා ආලේපන තොගයක් සොයා ගැනේ

(UTV |කොළඹ) – නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ සුවඳ විලවුන් හා ආලේපන තොගයක් පිටකොටුව ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ මෙම සුවඳ විලවුන් මිනිස් සිරුරට විෂ සහිත බවයි.

රුපියල් කෝටියක ආසන්න වටිනාකමකින් යුත්තව මේවා මෙරටදී අලෙවී කිරීමට සැලසුම් කර තිබී ඇත.

පාරිභෝගිකයෙක් ගෙන් ලැබුණු තොරතුරකට අනූව පාරිභෝගික අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ පිටකොටුව පොලීසිය හා විශේෂ කාර්ය බලකාය එක්ව මෙම මෙහෙයුම සිදුකර තිබේ.

රසදිය හා අනෙකුත් සංඝටක තොරතුරු නොමැති මෙම නීති විරෝධී සුවඳ විලවුන් තොගය සහ ආලේපන විවිධ රෝගාබාධ ඇති කිරීමට හේතු වන බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.

Related posts

බස්නාහිර සහ වයඹ පාසැල් වැසේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සිට කොවිඩ් එන්නත්

Mohamed Dilsad

හෝමාගම සිට කොළඹ කොටුවට නව දුම්රියක්

Mohamed Dilsad

Leave a Comment