ක්‍රීඩා

ලංකාවේ සංචාරයට එක්වීමට සිටි බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට කොරෝනා ලක්‍ෂණ

(UTV | බංග්ලාදේශය) – ශ්‍රී ලංකා සංචාරයට පෙර පුහුණු කඳවුරට සහභාගී වූ බංග්ලාදේශ 27 දෙනෙකුගෙන් යුත් ක්‍රිකට් කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකු කොරෝනා ලක්‍ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඔහු ස්වයං නිරෝධායනයකට ලක්ව ඇතැයි බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කරයි.

ඔහුව PCR පරීක්ෂණයකට ලක් කර ඇති අතර , හිදී වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වුවද, ඔහු පුහුණුවීම්වල නිරතවන අනෙකුත් ක්‍රීඩකයින්ගෙන් වෙන් කර තැබීමට කටයුතු කර ඇත.

මෙම පිරිසට තවත් කොවිඩ් පරීක්ෂණයක් අද (22) දිනයේත් පැවැත්වීමට නියමිතව තිබේ.

මීට පෙර බංග්ලාදේශ පිතිකරු සයිෆ් හසන් සිය දෙවන කොවිඩ් -19 පරීක්‍ෂණයේ දී ද කොරෝනා ආසාදනය වී තිබුනි.

27 දෙනෙකුගෙන් යුත් මෙම පුහුණු සංචිතයට ඇතුළත් වුවද හසන් මේ වන විට නිවසේ නිරෝධායනය වී සිටියි.

ලබන 27 වනදා බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත අතර, පළමු ටෙස්ට් තරගය ඔක්තෝම්බර් 23 වනදා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.

Related posts

බංගලාදේශයේ 100 වන ටෙස්ට් තරඟය ශ්‍රී ලංකාවේදී

Mohamed Dilsad

2019 රග්බි ලෝක කුසලානයේ තවත් තරගයක් අද

Mohamed Dilsad

“ද හන්ඩ්‍රඩ්” විස්තර විචාරකයින් අතරට සංගක්කාරත්

Mohamed Dilsad

Leave a Comment