දේශීය

මන්ත්‍රී අතාවුල්ලට පාර්ලිමේන්තුවේදී සිදුවූ දේ

(UTV |කොළඹ) – ජාතික කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්.අතවුල්ලා මහතා අද පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත් කර තිබේ.

ඊටේ හේතුව වී ඇත්තේ ඔහු අද දින ඇඳගෙන ආ ඇඳුම ස්ථාවර නියෝගවලට අනුව පටහැනි වීම නිසාය.

ඒ නිසා පාර්ලිමේන්තු නිලධාරින් විසින් මෙම තීරණය ගෙන ඔහු පාර්ලිමේන්තු සභාවෙන් ඉවත් කර ඇත.

අත් රහිත කබායක් සහ වෙනත් වර්ණ කමිසයකින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණි මන්ත‍්‍රීවරයාට සබා ගැබෙන් ඉවත් වන්නැයි නිලධාරීන් පැවසුව ද ඔහු මුලින් ඊට එකඟ නොවූ බවද වාර්තා වේ.

පසුව ඊට එකග වී ඔහු ඉවත් වී ගියේය.

Related posts

කබ්රාල් ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

මෝටර් රථ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කිරීමට වට්ස්ඇප් අංකයක්

Editor O

මෙරට ආසාදිතයින් ගණන එකවර ඉහළට

Mohamed Dilsad

Leave a Comment