(UTV| ඇමරිකාව) – ලෝක ප්රසිද්ධ සරාගී නිරූපණ ශිල්පිණියක් වන කිම් කාර්ඩේෂියන් මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්ව සිටින චරිතයක් බවට පත්ව ඇත.
ඒ, ඇයගේ ආදරණිය සැමියා වන කන්යේ වේස්ට් ගේ සංගීත නිර්මාණයක් වන ” ෆීල් මී ” නම් සංගීත වීඩියෝව සදහා ඇය විසින් ආන්දොලාත්මක රංගනයක් ඉදිරිපත්කර තිබීමයි.
මෙහිදී ඇය විසින් අඩ නිරුවතින් ද රංගනයේ යෙදී සිටින අතර , එක අවස්ථාවකදී ඇය විසින් තම සොහොයුරියක් වන කයිලි ජෙනර් හට උත්පත්තිය ලබාදීමේ අවස්ථාවක් ද නිරූපණය කර ඇත.
මෙම වීඩියෝව මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබෙන අතර මෙහි රූපගත කිරීම් මීට වසර 3කට ඉහතදී පටිගත කර ඇති බවට ද තොරතුරු වාර්තා වෙයි.