දේශීය

ජනපති ජනතා ගැටළු සොයන්න ගමට යයි

(UTV|කොළඹ) – ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණ පා සිටින විවිධ ගැටලු ඝෘජුවම හඳුනාගෙන නොපමාව විසඳුම් දීම පිණිස ගමින් ගමට  චාරිකා කිරීමට නියමිත බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ ජනතාව පීඩාවට පත්කරන ප්‍රශ්න සියැසින් දැක ඔවුන්ගේ දුක්ගැනවිලි තමාම ශ්‍රවණය කොට නිවැරදි අවබෝධයක් ලබා ගතයුතු බවයි.

ජනතාවට සහන සැලසීම එතුමාගේ අපේක්ෂාව බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ප්‍රථම චාරිකාව සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තෝරාගෙන ඇත.

ජන හමුව හපුතලේ අක්කර 100 ගම්මානයේ, කුමාරතැන්න විද්‍යාලයේ දී ලබන සිකුරාදා (25) උදේ 10.00 ට ඇරඹේ.

ගම්බද ජනතාව බොහෝ කල් නොවිසඳී ඇති ආර්ථික හා සාමාජයීය ගැටලු නිසා දුෂ්කරතා පිරි ජීවිතයක් ගත කරන බව ජනාධිපතිවරයා මහමැතිවරණ සමයේ රට පුරාම පාහේ කළ චාරිකාවලදී වටහාගෙන තිබෙන බවද එම නිවේදනයේ සඳහන් වේ.

Related posts

ඇඳිරිනීතිය – ගමනාගමනයට රාජකාරී හැඳුනුම්පත භාවිත කළ හැකි ආයතන [RELEASE]

Mohamed Dilsad

මහ මුහුදේදී හෙරොයින් සමග ඇල්ලූ යාත්‍රාව කොළඹ වරායට

Mohamed Dilsad

SSP රොමේෂ් ලියනගේගේ වැඩ තහනම්

Mohamed Dilsad

Leave a Comment