දේශීයව්‍යාපාරික

ජනතාවට සහන මිලට පොල් ලබා දීමේ වැඩපිළිවෙළක් අරඹයි

(UTV | කොළඹ) – පොල් වගා කිරීමේ මණ්ඩලය හරහා සහන මිලට ජනතාවට පොල් ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.

ඒ අනුව ජංගම රථ යොදා ගනිමින් රුපියල් 60 ක මිලකට ජනතාවට පොල් අලෙවි කිරීමට කටයුතු ක්‍රියාත්මකකර ඇත.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ලොරි රථ යොදාගෙන සහන මිලට අද (23) සිට පොල් බෙදාහැරීම සිදුකරන බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කරයි.

පොල්, කිතුල්, තල් හා රබර් වගා සංවර්ධන අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසුවේ සෑම ප්‍රධාන නගරයක්ම කේන්ද්‍රකර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බවයි.

 

Related posts

ලබන වසරේ මහ බැංකුවට නව බැංකු පනතක්

Mohamed Dilsad

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කළ සරසවි නිලධාරියෙක් රිමාන්ඩ්

Mohamed Dilsad

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයෙක්

Mohamed Dilsad

Leave a Comment