දේශීය

වසර 28 කට පසුව අපනයන සංවර්ධන සභාව රැස්වෙයි

(UTV | කොළඹ) – අපනයන සංවර්ධන සභාව වසර 28 කට පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී ඇත.

ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

එහිදී රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ අපනයන ක්‍ෂේත්‍ර සංවර්ධනය කොට ගෝලීය වෙළඳපොල ජයගනිමින් ජනතා කේන්ද්‍රිය රාජ්‍යයක් ගොඩනැගීම, අපනයන සංවර්ධන සභාවේ විෂය පථයට අයත් වන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අපනයනකරුවන්ට නව වෙළෙඳපොළ අවස්ථාව උදාකරදීම සඳහා අපනයන සංවර්ධන සභාවට පැවරී ඇති වගකීම අවධාරණය කළ ජනාධිපතිවරයා කියාසිටියේ, ඒ ඒ රටවල අවශ්‍යතාව අනුව අපනයන ක්ෂේත්‍රයේ විවිධාංගීකරණයක අවශ්‍යතාවයක් පවතින බවය.

මේ අතර, ආයෝජකයින් හඳුනාගෙන ආයතන සහ පුද්ගල මට්ටමින් සැළසුම් කර ඇති නව නිපයුම් වෙළෙඳපොළට හඳුන්වාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එමෙන්ම , 2015 වසරට පෙර රටේ පැවති සංවර්ධන පරිසරය යළි උදාකර ගත යුතු බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොල් ඉඩම් කට්ටිකිරීම වහා නතර කළ යුතු බවට මෙහිදී අවධාරණය කර තිබේ.

Related posts

වෛද්‍ය සභාවේ ක්‍රියා අධීක්ෂණයට පංච පුද්ගල කමිටුවක්

Mohamed Dilsad

ඩෙංගු මර්දන වැඩසටහන් තවදුරටත්

Mohamed Dilsad

කුවෙිට් රාජ්‍යයේ 59 වන ජාතික නිදහස් දිනය මෙරටදී සැමරේ

Mohamed Dilsad

Leave a Comment