දේශීය

පොලිස් නිලධාරින් සඳහා උසස් අධ්‍යාපන වරම්

(UTV |කොළඹ) – පොලිස් නිලධාරින් සඳහා උසස් අධ්‍යාපනය ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට රජය සුදානම් වෙයි.

එය කැලණිය විශ්වවිද්‍යාලය හා ඒකාබද්ධව ක්‍රියාත්මක කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

ඊට අදාළ ගිවිසුම ඊයේ (23) දිනයේ අත්සන් කෙරුණි.

වසර 10කට වැඩි කාලයක් පොලිස් සේවයේ නිරත නිලධාරින් සඳහා පළමුවෙන් මෙම උසස් අධ්‍යාපන අවස්ථාව හිමිවන බව චමල් රාජපක්ෂ මහතා පැවසීය.

එහිදී පොලීසියට අදාළ විෂයන් හැදෑරිය හැකි අතර, ඒ සඳහා ඩිප්ලෝමා සහතික පත්‍රයක් ලබා දීමට මෙයින් බලාපොරොත්තු වෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මීට අමතරව ඉදිරියේ දී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී ද මෙම පාඨමාලා ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.

එසේම පොලිස් අභ්‍යාස ආයතනය මඟින් පවත්වනු ලබන පාඨමාලාවන් විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ තත්ත්ව පරීක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව පැවැත්වීමට නියමිතවේ.

Related posts

වී සහතික මිල අනුව සහල් පාලන මිලට දෙන්න බෑ : සහල් මිල යළි ප‍්‍රකාශයට සූදානම්

Editor O

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 800ට ආසන්න වේ

Mohamed Dilsad

නිධන් හෑරීමට ගිය හමුදාවේ පිරිසක් ඇතුළු 21ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment