දේශීය

ප්ලාස්ටික් භාණ්ඩ කිහිපයක් ලබන වසරේ සිට තහනම්

(UTV | කොළඹ) – ප්ලාස්ටික් භාණ්ඩ වර්ග කිහිපයක් ජනවාරි 01 වැනිදා සිට තහනම් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

කොට්න් බඩ් සඳහා භාවිත කරන ප්ලාස්ටික් බටය, සැෂේ පැකට් සහ කෘමිනාශක අඩංගු කුඩා ප්ලාස්ටික් බෝතල් එලෙස තහනම් කෙරෙන බවත් , ඒ වෙනුවට විකල්ප භාවිත කිරීමට නිෂ්පාදකයින්ට අවස්ථාව හිමිවන බවත් අමාත්‍යවරයා පවසා සිටියි.

කොට්න් බඩ්, සෞඛ්‍යමය කටයුතු සඳහා භාවිත කිරීමට පමණක් අවසර හිමි වේ.

ප්ලාස්ටික් භාවිතයෙන් සිදුවන පරිසර හානිය අවම කිරීම එම වැඩපිළිවෙළේ අරමුණ වෙයි.

Related posts

ගල්ලෑල්ල කොවිඩ් මධ්‍යස්ථානයෙන් පළා ගිය රැඳවියන්ගෙගේ ඡායාරූප [PHOTOS]

Mohamed Dilsad

දකුණු පළාතේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සහන කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 631ක්

Editor O

Leave a Comment