ක්‍රීඩා

කොදෙව්වන් සමග පැවති තරඟාවලියේ දී එංගලන්තය පෙරමුණට

(UTV | එංගලන්තය) – බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ පහකින් සමන්විත 20 -20 තරඟාවලියේ දෙවන තරඟය ලකුණු 47 කින් ජය ගැනීමට එංගලන්ත කාන්තා කණ්ඩායම ඊයේ (23) සමත් විය.

එංගලන්ත කණ්ඩායම තරඟයේ පළමුවෙන්ම පන්දුවට පහරදුන් අතර , එහිදී නියමිත පන්දු වාර විස්ස අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 151 ක් රැස් කිරීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 96 ක් පමණයි.

ඒ අනුව මේ වන විට තරඟාවලිය දෙකට බින්දුවක් ලෙස එංගලන්තය පෙරමුණේ පසුවෙයි.

Related posts

ශ්‍රි ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද

Mohamed Dilsad

ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරඟය නොමිලේ බලන්න

Editor O

එංගලන්තය සහ කොදෙව්වන් අතර තරගාවලියත් කල් යයි

Mohamed Dilsad

Leave a Comment