දේශීය

ජනපති ගමින් ගමට යාම අද ඇරඹේ

(UTV |කොළඹ) – ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණපා සිටින විවිධ ගැටළු ඍජුවම හඳුනාගෙන නොපමාව විසඳුම් ලබාදීම සඳහා ගමින් ගමට යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සැළසුම් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් කළේ ජනතාව පීඩාවට පත් කරන ප්‍රශ්න, සියැසින් දැක ඔවුන්ගේ දුක් ගැනවිලි තමා විසින්ම අසා දැනගෙන නිවැරදි අවබෝධයක් ලබාගනිමින් සහන සැළසීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවයි.

මෙම වැඩසටහන යටතේ ජනාධිපතිවරයාගේ ප්‍රථම චාරිකාව සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තෝරාගෙන තිබේ.

ඒ සඳහා වන ජන හමුව හපුතලේ, අක්කරසීය ගම්මානයේ කුමාරතැන්න විද්‍යාලයේදී අද (25) උදෑසන 10 ට ඇරඹීමට නියමිතයි.

Related posts

බිග් මැච් සමයේ උපදෙස් මාලාවක්

Mohamed Dilsad

උපාධිධාරී ගුරුවරු 5,500ක් ගුරු සේවයට

Mohamed Dilsad

බේකරි හිමියන්ගෙන් වැඩබලන පොලිස්පතිට ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment