දේශීය

විද්‍යාපීඨ අයැදුම්කරුවන් හට විශේෂ නිවේදනයක්

(UTV | කොළඹ) – ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත ඇතුළත්වීම සඳහා අයදුම්පත් යොමු කිරීමේදී සිදුවූ වැරදි හෝ ප්‍රමාද දෝෂ නිවැරදි කිරීම සඳහා දින හතරක සහන කාලයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව හෙට (26) දිනයේ සිට මේ මස 30 වනදා දක්වා අයැදුම්කරුවන් හට මෙම අවස්ථාව හිමිවනු ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වෙත හෝ www.moe.gov.lk වෙබ් අඩවියට පිවිස තම උසස් පෙළ විභාග අංකය ඇතුළත් කර තම අයදුම්පතෙහි අදාළ සංශෝධන සිදුකළ හැකියි.

මෙම වසරේ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා ඇතුළත්වීම සඳහා අයදුම්පත් යොමු කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online)හරහා පමණක් සිදුකරනු ලැබීය.

Related posts

IDH රෝහලේ කොරෝනා රෝගීන් හරි අඩකින් අඩුවෙයි

Mohamed Dilsad

ලංකාව මත්පැන් අලෙවියෙන් පහළට

Mohamed Dilsad

අද දිවුරුම්දුන් රාජ්‍ය ඇමතිවරුන් මෙන්න

Mohamed Dilsad

Leave a Comment