දේශීයව්‍යාපාරික

සහල් මෙට්‍රික් ටොන් 50,000 ක් ආනයනය කිරීමට සැලසුම්

(UTV | කොළඹ) – සහල් මෙට්‍රික් ටොන් 50,000 ක් ආනයනය කිරීමට රජය සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

නොවැම්බර් හා දෙසැම්බර් මාස ඉලක්ක කර ගනිමින් මෙම සහල් තොගය ආනයනය කිරීමට සැලසුම් කර තිබේ.

සහල් මෝල් හිමියන් වෙළෙඳ පොළේ කෘත්‍රීම සහල් හිගයක් ඇති කළ හොත් එම සහල් තොග ආනයනය කරන බව වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ,

ලක් සතොස හරහා එම සහල් වෙළඳ පොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ද ඇය ප්‍රකාශ කළාය.

පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ, නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 96 ක මිලකටත් සම්බා සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 98 ක මිලකටත් අලෙවි කළ යුතු වන සේ උපරිම සිල්ලර මිලක් පනවා ඇති බවයි.

Related posts

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

Mohamed Dilsad

මෙරට සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කිරීමට ආසියානු සංවර්ධන බැංකුවේ හයිය

Mohamed Dilsad

රෝගය සම්ප්‍රේෂණය වීම අවම මට්ටමක – වෛද්‍ය අනිල් ජාසිංහ

Mohamed Dilsad

Leave a Comment