විදෙස්

යුක්රේන ගුවන් අනතුරෙන් 25කට දිවි අහිමි වෙයි

(UTV |යුක්රේනය) – යුක්රේනයේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 25 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ මිය ගිය බහුතරයක් ගුවන් හමුදා කැඩෙට් පුහුණුව ලබමින් සිටි අය බවයි.

ඇන්ටනොව් 26 වර්ගයේ යානයක් වන එය ගොඩබැස්වීමේදී කඩා වැටීමකට ලක්ව ඇත.

ඒ වනවිට එහි 27 දෙනෙකු ගමන් කර ඇති අතර දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

යුක්රේන වාර්තාවල දැක්වෙන්නේ අනෙක් සියළු දෙනා මියගොස් ඇති බවයි.

අනතුරට හේතුව මේ දක්වා සොයාගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Related posts

කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්‍ෂ 20 ඉක්ම වන බවට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍ය නව අග්‍රාමත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

Mohamed Dilsad

පපුවා නිව් ගිනියාවේ භූ කම්පනයක්

Mohamed Dilsad

Leave a Comment