දේශීය

ඉන්දීය – ශ්‍රී ලංකා අගමැතිවරු අතර හමුවක්

(UTV |කොළඹ ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්විපාර්ශිවික සමුළුවක් අද (26) පැවැත්විමට නියමිතය.

ඒ විඩියෝ තාක්ෂණය ඔස්සේය.

අභිනවයෙන් පත් වු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග දුරකථන සංවාදයක් පැවැත් වු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විඩියෝ තාක්ෂණය ඔස්සේ දෙරට අතර සමුළුවක් පවත්වා බහුවිධ ද්විපාර්ශවික සබඳතාවය සමාලෝචනය කිරීමට තීරණය කර ඇති බව විදේශ කටයුතු අමාතාංශය සඳහන් කරයි.

මෙහිදී දේශපාලන, ආර්ථික, මූල්‍ය, සංවර්ධනය, ආරක්ෂක ,අධ්‍යාපනික, සංවාරක සහ සංස්කෘතික කටයුතු මෙන්ම අන්නෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය හා ජාත්‍යන්තර ගැටලුවලදී ද්විපාර්ශවික මැදිහත්විම් යනාදි කරුණු පිළිබඳව අවධානය යොමු කිරිමට නියමිතය.

මෙම සමුළුව සඳහා දෙරටේ අදාළ විෂය භාර අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද එක්වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

 

Related posts

ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධිය ගැන තවත් පාර්ශ්වයකින් චෝදනා

Mohamed Dilsad

තැපැල් ඡන්දය ගැන මැතිවරණ කොමිසමේ අලුත් තීරණය

Mohamed Dilsad

මහින්ද අගමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment