දේශීය

වීසා නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයන් 47 ක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – බස්නාහිර පළාතේ ගත වූ පැය 24 ක කාලය තුලදී සැකකරුවන් 1481 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඒ අතරට වීසා නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයන් 47 ක් , විවිධ අපරාධ සිදුකර පොලීසිය මගහරිමින් සිටි සැකකරුවන් 70 ක් , අධිකරණය මගහරිමින් සිටි වරෙන්තුකරුවන් 326 ක් සහ දූෂණ වැරදි වලට සම්බන්ධ පුද්ගලයින් 777 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ තුළින් මෙතෙක් නොවිසඳුන අපරාධ 80 ක් විසදීමට හැකි වූ බව ද පොලීසිය සඳහන් කරයි.

මේ අතර බස්නාහිර පලාත තුල ඊයේ පෙරවරු 06 සිට අද අලුයම 05 දක්වා කාලය තුල සිදුකල තවත් විශේෂ වැටලීම් වලදී සැකකරුවන් 514 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිම සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ලග තබා ගැනීමේ චෝදනාව යටතේයි. එම සංඛ්‍යාව 215 ක්.

Related posts

හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට

Editor O

චීනයේ සංවර්ධනය තම රටට ආදර්ශයක් – පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා කියයි

Editor O

ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන්ගේ සහාය සජිත්ට. බේරුවල ආසන සංවිධායක ධූරයත් ලැබෙයි.

Editor O

Leave a Comment