කලාවිදෙස්

සම්මානනීය නිළියක් සිය දිවි නසාගනී

(UTV | ජපානය) – ජපානයේ සම්මානනීය නිළියක වන 40 හැවිරිදි යූකෝ ටකෙයුචි ටෝකියෝහි පිහිටි තම නිවසේදී සියදිවි හානි කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

චිත්‍රපට හා ටෙලි කතා මාලා සඳහා සිය රංගන දායකත්වය ලබාදී ඇති යූකෝ රටවල් ගණනාවක විකාශය වූ ෆීමේල් ෂර්ලොක්හෝම්ස් කථා මාලාවේ ප්‍රධාන චරිතයද නිරූපණය කළාය.

2004 සහ 2007 අතර කාලයේ ජපානයේ හොඳම නිළිය සම්මානය ද ඇය විසින් වසර තුනක් එක දිගට හිමිකරගෙන ඇත.

යූකෝ ටකෙයුචිගේ ස්වාමි පුරුෂයා වන ජනප්‍රිය නළු ටායිකි නකෙබයාෂි ප්‍රකාශ කර ඇත්තේ සියදිවි හානිකරගෙන සිටි යූකෝගේ දේහය තම නිවසේ කාමරයක තිබී හමුවූ බවයි.

Related posts

බී2 ප්‍රහාරය අසාර්ථකයි …! ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට හානියක් නැහැ….!

Editor O

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපෑ අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

Mohamed Dilsad

අදානි ගැන යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට

Editor O

Leave a Comment