විදෙස්

ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවත් චෝදනාවක්

(UTV | ඇමෙරිකාව) – පසුගිය වසර පහළවෙන් වසර දහයකම රජයට ගෙවිය යුතු බදු මුදල් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෙවා නොමැති බවට චෝදනා කෙරේ.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සඳහන් කළේ 2016 හා 2017 යන වසර වලදී ජනාධිපතිවරයා විසින් ගෙවා ඇති බදු මුදල ඩොලර් 750ක් බවයි.

ඔහුගෙන් අය විය යුතු සම්පූර්ණ බදු මුදල ඩොලර් මිලියන 427.4ක් බව ද වාර්තා වේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධූරය සඳහා තේරී පත්වීමත් සමඟ ඔහුගේ ව්‍යාපාර පාඩු ලබන බවයි ට්‍රම්ප් ව්‍යාපාර සමූහය සඳහන් කරයි.

2018 වසරේ පමණක් ඔහු ලබා ඇති පාඩුව ඩොලර් මිලියන 47.4කි.

කෙසේ වුවද නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සිදු කරන චෝදනා මුළුමනින්ම අසත්‍ය බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Related posts

ලන්ඩනයේදී සොයා ගත් මල සිරුරු වියට්නාම ජාතිකයින්ගේ බවට සැකයක්

Mohamed Dilsad

චීන පුරවැසියන්ට කොරෝනා එන්නත නොමිලේ

Mohamed Dilsad

චීනයෙන් මතුවූ අලුත් වසංගතය තවත් රටවල් කිහිපයකට

Mohamed Dilsad

Leave a Comment