(UTV| මහනුවර) – ඇළහැර, බකමූණ පොල්අතුවාඩිය ප්රදේශයේ මැණික් පතලක කළු ගලක් තුළින් කිලෝ දෙකක පමණ නිල් මැණිකක් හමුවී තිබේ.
මෙම කළුගල තුළ කිඳා බැස ඇති නිල් මැණික, ප්රමාණයෙන් කැරට් 1000 කට අධික බව ද සඳහන්.
පතලේ හිමිකරු කියා සිටියේ මෙය ඉතාමත් දුර්ලභ පිහිටීමක් බවයි.