දේශීය

20ට එරෙහි පෙත්සම් 39 වෙයි

(UTV |කොළඹ) –  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 39 ක් ගොනු කර තිබේ.

අද දිනයේ මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්, එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම්, එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සමගි ජන බලවේගය පක්ෂයේ තරුණ සංවිධානයේ සභාපති මයන්ත දිසානායක, ඇතුළු තවත් පාර්ශව විසින් තවත් පෙත්සම් 21ක් ගොනු කර ඇති බව වාර්තාවේ.

එම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.

මෙම පෙත්සම් හෙට(29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.

Related posts

වන ජීවී ඇමතිගේ රියදුරු රිමාන්ඞ්

Mohamed Dilsad

මානුෂීය මෙහෙයුමේදී හමුවූ, යුද හමුදාව බාරයේ සුරක්ෂිත කර තිබෙන රන් භාණ්ඩ ගැන අධිකරණ නියෝගයක්

Editor O

තැපැල් ඡන්ද පත්‍රිකා සියල්ල මුද්‍රණය කර අවසන් : බෙදාහැරීම ඇරඹේ

Editor O

Leave a Comment