ව්‍යාපාරික

රජය භාරයට ගත් කහ වලට මොකද වෙන්නේ

(UTV |කොළඹ) – නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද කහ විශාල තොගයක් මේ වනවිට රාජසන්තක කර තිබේ.

එම කහ තොග සතොස සහ සමුපකාර සමිති මගින් ඒවා වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බව කුඩා වැවිලි භෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

නීතිවිරෝධිව අපනයන කරන ලද කහ කිලෝග්‍රෑම් 10 ලක්ෂ 68 දහස් 314  (1,068,314) ඇත.

ඒ අනුව ඉදිරි දෙසැම්බර් මාසය දක්වා රටේ කහ අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට මෙම කහ තොගය භාවිත කළ හැකි බවත් එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙරට වාර්ෂික කහ පරිභෝජනය මෙට්‍රික් ටොන් 7500ක් වුවද, මෙරට නිෂ්පාදනය කෙරෙන්නේ මෙට්‍රික් ටොන් 1200ක් පමණ වේ.

මෙරට වගා කරන ලද කහ අස්වනු ජනවාරි මාසයේදී ලැබීමට නියමිත බවත්, ජනවාරි මාසයෙන් පසු රට තුළ කහ අර්බුදයක් උද්ගත නොවනු ඇතැයිද රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර පැවසුවේය.

 

Related posts

ණය තිරසරභාවය ළඟා කරගැනීම ට පැවති අවිනිශ්චිතතා අවසන් -ඇමති ශෙහාන්

Editor O

ශ‍්‍රී ලාංකිකයින් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා ඉහළ නැංවීම කෙරෙහි ආධානය

Mohamed Dilsad

ඉන්ධන මිල වෙනසක් නැහැ. – ඛණිජ තෙල් සංස්ථාව

Editor O

Leave a Comment