ක්‍රීඩා

ඉදිරි මාසවලදී රටවල් 3 ක් නවසීලන්තයේ සංචාරයකට සැරසේ

(UTV | නවසීලන්තය) – පාකිස්තාන, බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම් ඉදිරි මාස කිහිපය තුළදී නවසීලන්තයේ සංචාරය කරන බව එරට ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර ඇත.

කොරෝනා වසංගතයෙන් පසු නවසීලන්තය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් ලබන නොවැම්බරයේ ආරම්භ වන්නේ කොදෙව් පිළේ සංචාරයෙන්.

නවසිලන්තය සහ කොදෙව් පිළ එහිදී විස්සයි- 20 ජාත්‍යන්තර තරඟ 3 කට සහ ටෙස්ට් තරඟ දෙකකට සහභාගි වීමට නියමිතයි.

ඉන් අනතුරුව පාකිස්තාන ක්‍රිකට් පිළ නවසීලන්තයට පැමිණෙන අතර එහිදී ඔවුන් විස්සයි විස්ස තරඟ 3 කට සහ ටෙස්ට් තරඟ දෙකකට සහභාගි වනු ඇති.

ඉන් අනතුරුව විස්සයි විස්ස තරඟ 05 ක සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම නවසීලන්තයට පැමිණෙන අතර, බංග්ලාදේශ පිළ එහි පැමිණීමට නියමිතව ඇත්තේ ලබන මාර්තු මාසයේදියි.

Related posts

ජාත්‍යන්තර තරඟ වල වටිනාකම ක්‍රීඩකයන් වටහා ගත යුතුයි – මාලිංග

Mohamed Dilsad

කණ්ඩායමේ දුර්වලතා හදන්න හතුරු ඉවත් කිරීමෙන් හැකිවෙයිද?

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට ICC ය දඩ පනවයි – ප්‍රසාද ලකුණු දෙකකුත් අහිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment