දේශීය

දිස්ත්‍රික්ක දෙකකට නායයෑම් අනතුරු ඇඟවීම

(UTV |කොළඹ) – දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක දෙකකට නාය යාමේ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබේ.

ඒ රත්නපුරය සහ කෑගල්ල  දිස්ත්‍රික්ක වලටයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ අද(29) දහවල් 12 සිට හෙට දහවල් 12 දක්වා රත්නපුර – කුරුවිට සහ කෑගල්ල – දෙහිඕවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙලෙස නාය යාමේ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කළ බවයි.

මේ අතර, අද පස්වරුවේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 50ක පමණ වැසි ඇති විය හැකි බවයි.

Related posts

මංගල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට

Mohamed Dilsad

නුවරඑළිය වලපනේ රික්ටර් මාපකයේ ඒකක 1.8 ක සුළු භූ චලනයක්

Mohamed Dilsad

උතුරු – උතුරු මැද විදුලිය බිඳ වැටීම යථා තත්ත්වයට

Mohamed Dilsad

Leave a Comment