ගොසිප්

සජිත්ගේ රැස්වීමකට ගල් ප්‍රහාරයක්

(UTV |කොළඹ) – සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ රත්මලානේ රැස්වීමකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා සිය කතාව ආරම්භ කොට මිනිත්තුවක් ගත වෙද්දී කිසියම් පිරිසක් සැලසුම් සහගතව ගල් ප්‍රහාර එල්ල කර ඇත.

ඒ සමගින් විපක්ෂනායකවරයාගේ ආරක්ෂකයන් වහාම සජිත් ප්‍රේමදාස මහතා වට කොට ආරක්ෂාව සපයා තිබේ.

නමුත් ඔහු සිය කතාව දිගටම සිදුකර ඇත.

එහිදී ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ, ‘බයවෙන්න එපා. මේ ගල් ගැහුවට මම රැස්වීම නතර කරන්නේ නෑ. මේ ගල් ගසන අය පිටිපස්සේ ඉන්න පුද්ගලයන් ගැන මම දන්නවා මදාවියන්ට බයේ මම යන්නේ නෑ’ බවයි.

https://www.facebook.com/sajithpremadasa/posts/10157769816300186

Related posts

වත්මන් ආණ්ඩුව සතුටින් බලයට පත්කළ අපි දැන් ඉන්නේ මහත් වේදනාවකින්

Mohamed Dilsad

කොවිඩ් නව ප්‍රභේදය ආසාදනය වූ රෝගියෙක් මෙරටින් හමුවේ

Mohamed Dilsad

‘දියමන්තියෙන්’ තරඟ වදින සජිත්ගේ කාර්යාලය සිරිකොත අසලටම

Mohamed Dilsad

Leave a Comment