ක්‍රීඩා

ලංකා ප්‍රිමියර් ලීග් 20 – 20 තරඟාවලිය යළිත් කල් යයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් පන්දුවාර 20 තරඟාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට 21 වැනිදා දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

රජයේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් මෙන්ම ක්‍රීඩකයන්ට නිරෝධායනය වීම සඳහා කාලය ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බව එම ආයතනය නිවේදනය කරයි.

IPL තරඟාවලිය නොවැම්බර් මස 10 වැනිදා අවසන් වීමෙන් අනතුරුව එම තරඟාවලියට එක්වන ඇතැම් ක්‍රීඩකයන් LPL තරගාවලියට එක්වීම හේතුවෙන් ඔවුන් හට දින 14 ක නිරෝධායන කාලයක් ලබාදෙමින් තරඟාවලියට සහභාගී කරගැනීමට අපේක්ෂා කරයි.

මීට අමතරව , හෙට (01) පැවැත්වීමට නියමිතව තිබු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයන් තෝරා ගැනිම මෙම මස 9 වැනිදා දක්වා කල් දැමීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

Related posts

හිමාෂ ඒෂාන් ඔලිම්පික් ශූර යොහාන් බ්ලේක් පරදවයි

Mohamed Dilsad

චෙන්නායි සුපර් කිංග්ස් පරදා මුම්බායි ඉන්දියන්ස් කඩුලු 4 ක ජයක් හිමි කර ගනී

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරගාවලියට ඔස්ට්‍රේලියා සංචිතය නම් කෙරෙයි..

Mohamed Dilsad

Leave a Comment