ගොසිප්

ජනාධිපති ලේකම් කාර්යාලය යටතට ආයතන කිහිපයක්

(UTV |කොළඹ) – පසුගිය අගෝස්තු 09 වැනිදා නිකුත් කෙරුණු ගැසට් පත්‍රයෙන්, අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට පවරා නොතිබූ විෂයයන් සහ ක්‍රියාකාරකම් සංශෝධනය කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවතින මූලිකත්ව වැඩසටහන යටතට පත් කර තිබේ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.

ඒ සියල්ල සැප්තැම්බර් 25 වැනි දින ගැසට් පත්‍රයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය යටතට පවරනු ලැබ ඇති බව වාර්තාවේ.

එසේ ජාතික වැඩසටහන යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය යටතට ගැනෙන ආයතන මෙසේය.

1. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සහ ඊට සබැඳි ආයතන.

2. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය.

3. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය.

4. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ ඊට බැඳුණ ආයතන සහ සියලු තොරතුරු තාක්ෂණික උද්‍යාන

Related posts

කාන්තා දිනයට වදන් තැබූ මනූෂට හිටපු බිරිඳගෙන් ප්‍රතිචාර

Mohamed Dilsad

පසුගිය තරඟය ගැන මාලිංග කියන දේ

Mohamed Dilsad

සජිත්ගේ මැතිවරණ කටයුතු හරීන් අතට ගනී

Mohamed Dilsad

Leave a Comment