ගොසිප්

වතුර වූ විස්කි

(UTV |කොළඹ) – ‘විස්කි’ බෝතල් පැටවූ කන්ටේනරයක් සීදූව ප්‍රදේශයේ ගුදමක රඳවා තබා තිබියදී වතුර බවට පත්ව තිබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ මෙම  ‘විස්කි’ බෝතල් පැටවූ කන්ටේනරය බංග්ලාදේශයට ප්‍රතිඅපනයනය කිරීමට යැයි පවසා රේගුව මුළා කරමින්, රජයේ තීරු බදු ගාස්තුවලින් නිදහස්ව මාලදිවයිනෙන් මෙරටට ගෙන්වා ඇති බවයි.

2018 වසරේදී මෙරටට ගෙන්වන ලද එකී මද්‍යසාර ප්‍රමාණය ඉහත කී ස්ථානයේ තිබූ අඩි 40ක් දිගැති බහාලුමක් තුළ තිබූ පෙට්ටි 1179ක් තුළ ලීටරයේ බෝතල් 15 බැගින් අඩංගුව තිබූ බවද ඒ මහතා පැවසීය.

එම බහාලුම තුළ තවත් හඳුනා නොගත් ද්‍රව්‍යයන් අඩංගු ලීටර් දෙසීයේ බැරල් විස්සක් තිබුණු බවද ඉහත කී මද්‍යසාර 2019 වසරේ නොවැම්බර් මස නැවත ප්‍රතිඅපනයනය කරන බව පවසමින් රේගුව මුළා කරමින් ගෙන්වා ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.

එහි තිබූ ලීටර් එකොළොස් දහස් දෙසිය පනහක් පමණ වන මද්‍යසාර නැවත ප්‍රතිඅපනයනය කරන බවට ඒවා මෙරටට ගෙන්වන ලද ආයතන විසින් රේගුව දැනුවත් කර තිබුණද දීර්ඝ කාලයක් තිස්සේ එය ප්‍රතිඅපනයනය කිරීමට අදාළ ආයතන පියවර නොගැනීම නිසා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේද සහාය ලබාගෙන ඔවුන් රේගුව වෙත ගෙන්වාගෙන ප්‍රකාශ ලබාගත් බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඉන් අනතුරුව එම බහාලුම් පරික්ෂා කිරීමේදී එහි තිබිය යුතු මද්‍යසාර වෙනුවට ඉහත කී පරිදි වතුර බෝතල් තිබී සොයාගත් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසන්නේ මෙම මද්‍යසාර ප්‍රමාණය ලියාපදිංචි කර ඇති බව කියන පුද්ගලයාගෙන් මේ පිළිබඳව විමසීමේදී ඔහු කිසිවක් නොදන්නා බව ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් එම මද්‍යසාර මෙරටට ගෙන්වීමට කටයුතු කළ ආයතන හතක පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන මේ සම්බන්ධයෙන් දීර්ඝව විමර්ශන සිදුකරයි.

Related posts

“දවසකට 30 දෙනෙක් එක්ක මට ලිංගිකව එකතු වෙන්න සිදු වුණා..” – වසර 4 දී 43000 වතාවක් දුෂණය වූ තරුණිය කියන සංවේදී කතාව – Photos

Mohamed Dilsad

මේ ආණ්ඩුව ජනතාවට වස කවලා මිනී මරන්න හදනවා

Mohamed Dilsad

කුසල්ව සිම්බාබ්වේ සංචිතයට නොගත්තාට ක්‍රීඩා ඇමතිගෙන් දොස්

Mohamed Dilsad

Leave a Comment