දේශීය

හෙට දිවයින පුරා සියලු සුරාසැල් වසා දැමේ

(UTV | කොළඹ) – හෙට (03) දිනට යෙදන ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක වන සියලුම මත්පැන් සිල්ලරට විකිණීමේ සුරාබදු වෙළද බලපත්‍ර වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්තුමා විසින් නියෝග කර ඇත.

තවද, මෙදින සුරාබදු බලපත්‍ර කොන්දේසි කඩ කරනු ලබන සුරාබදු බලපත්‍රධාරීන්ට එරෙහිව නීත්‍යනුකූල පියවර ගැනීමට දිවයින පුරා පිහිටි සියලුම සුරාබදු ස්ථානවලට උපදෙස් ලබා දී තිබේ.

තවද, මෙම කාල සීමාව තුලදී සමස්ත දිවයිනම ආවරනය වන පරිද්දෙන් නීති විරෝධී මත්පැන් හා නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය, සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම වැලැක්වීම සඳහා ද නීතිය උල්ලංඝනය කරන්නන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ද සියලු සුරාබදු නිලධාරීන්හට උපදෙස් ලබා දී ඇත.

.

Related posts

සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශ පත්‍ර තැපෑල ඔස්සේ යොමු කිරීම ඇරඹෙයි

Mohamed Dilsad

නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙක් පත්කරයි

Mohamed Dilsad

මහ බැංකුව ප්‍රතිසංස්කරණයට පනතක් ?

Mohamed Dilsad

Leave a Comment