දේශීය

දිවුලපිරියේ කාන්තාව ඇසුරු කළ පිරිසගේ PCR පරීක්‍ෂණ වාර්තා අද

(UTV |ගම්පහ ) –  දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පැනවීම තවදුරටත් ක්‍රියාත්මක කෙරේ.

ඒ දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවකට සහ ඇගේ දියණියට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟය.

මේ අතර ආසාදිත කාන්තාව සේවය කළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් 1400කට වැඩි පිරිසකගේ PCR පරීක්ෂණ අද (05) සිදුකිරීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

රෝගී කාන්තාවගේ සැමියාගේ සහ පුතුන් දෙදෙනාගේ තවත් PCR පරික්ෂණයක් ද අද සිදුකිරීමට නියමිතය.

එසේම ඇයගේ පවුලේ සමාජිකයින් 06 දෙනාගේ සහ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් 150 දෙනෙකුගේ PCR පරීක්ෂණ ඊයේ(04) සිදුකළ ඇති අතර, ඔවුන්ගේ පරීක්ෂණ වාර්තා අද උදෑසන ලැබීමට නියමිතව තිබේ

Related posts

කෝප් කමිටුවට නම් කළ මන්ත්‍රින් මෙතනින්

Mohamed Dilsad

“එක්ස්ප්‍රස් පර්ල්” ගින්නෙන් වු පාරිසරික හානියේ ගණනය ඇරඹේ

Mohamed Dilsad

පොල්ලකින් පහරදී තරුණයෙක්ව ඝාතනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment