දේශීය

PCR පරීක්‍ෂණ වැඩි කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

(UTV |කොළඹ) – කොවිඩ් රෝගීන් හඳුනාගැනීම සඳහා PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඊයේ  (05) පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

රටේ මතුවූ හදිසි තත්ත්වයත් සමඟ එය මර්දනයට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සහ ජනාධිපතිවරයා අතර ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණි.

මෙහිදී අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දෙමින් ජනාධිපතිවරයා පැවසුවේ වහාම PCR පරීක්‍ෂණ ගණන වැඩි කරන ලෙසයි.

Related posts

ආනයනික කිරිපිටි මිල අඩු කෙරෙයි

Mohamed Dilsad

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනයට ඉන්දියාවේ සහාය

Mohamed Dilsad

පවතින තත්ත්වය හමුවේ හුදෙකලා කෙරෙන ප්‍රදේශ ඉදිරියේදී වැඩි විය හැකියි

Mohamed Dilsad

Leave a Comment