දේශීය

රජයේ ප්‍රකාශන කාර්යාංශය ඇතුළු ආයතන කීපයක් තාවකාලිකව වැසෙයි

(UTV | කොළඹ) – රටේ පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති රජයේ ප්‍රකාශන කාර්යාංශය සතියක කාලයක් වසා දමා ඇත.

හෙට (09) සිට ලබන 16 වැනිදා දක්වා එය වසා තැබෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එමෙන්ම, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන පියසද යළි දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දමා තිබෙනවා.

මීට අමතරව සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවෙන් සේවාවන් ලබා ගැනීමට බාහිර පුද්ගලයින් පැමිණීම අද(08) සිට යළි දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිිටිිිිිියේය.

Related posts

බුද්ධි නිලධාරීන් අනතුරට ලක් කළ රියදුරු රිමාන්ඩ්

Mohamed Dilsad

අවාසනාවන්ත ඉරණමකට මුහුණදුන් තිදරු පියා

Mohamed Dilsad

ලෝකය පුරා සිදුවූ කොරෝනා මරණ එක් ලක්ෂ 34 ,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment