දේශීය

ශිෂ්‍යත්ව විභාගය ඇරඹේ

(UTV |කොළඹ ) – 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (11) පැවැත් වේ.

සිසුන් 331,694ක් මෙවර විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා පළමු ප්‍රශ්න පත්‍රයද, පෙරවරු 11 සිට පස්වරු 12.15 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රයද පැවැත්වීමට නියමිතය.

මෙවර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සඳහා සියලු කටයුතු සුදානම් කර ඇති බැවින් බියකින් තොරව දරුවන් විභාගයට යොමුකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර ඇඳිරිනීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කය තුළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන 12ක් ස්ථාපිත කර තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ සිට වෙනත් ප්‍රදේශවල පිහිටි විභාග මධ්‍යස්ථානවල දී විභාගය සඳහා පෙනීසිටීමට නියමිත විභාග අපේක්ෂකයින් සඳහා මෙම විශේෂ මධ්‍යස්ථාන පිහිටුවා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා සඳහන් කරයි.

ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල පහ  ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින සිසුන්ගේ දෙමව්පියන්ට ද තම දරුවා සමග විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට අවසර ලබා දී ඇත.

විභාගය සම්බන්ධයෙන් යම් ගැටලුවක් වේ නම් විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික ඇමතුම් අංකයට හෝ 011 2 78 52 11 , 011 278 52 12 දුරකතන අංක ඔස්සේ දැනුම් දිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

හිජාස් හිස්බුල්ලාට ඇප

Mohamed Dilsad

වසර පුරාවට ඵලදාව ලැබෙන නව අඹ ප්‍රභේදයක්

Mohamed Dilsad

ජල පරිභෝජනය අවම කරන ලෙස ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment