දේශීය

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අද උසස් පෙළ විභාගය අද සිට

(UTV |කොළඹ) – කොවිඩ් – 19 සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අද (12) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ කෙරේ.

ඒ අනුව අද සිට නොවැම්බර් මස 06 වන දින දක්වා විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2648කදී පැවැත්වෙනු ඇත.

මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 362,824 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.

කොවිඩ් – 19 අවදානම නිසා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස්බල ප්‍රදේශවල උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාසල් 12ක් අතිරේක විභාග මධ්‍යස්ථාන ලෙස නම් කර ඇති අතර ඒවාට ප්‍රවාහන් පහසුකම් සලසා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.

Related posts

වසා දැමුනු ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ඩ්‍රෝන තාක්ෂණය

Mohamed Dilsad

පොළොන්නරුවේ සිද්ධස්ථාන කිහිපයක් අද දේශීය සංචාරකයින්ට සීමා වෙයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ඇතුළු ප්‍රධාන නිලධාරීන් තිදෙනා ඉවත් කිරීමේ උත්සාහයක් ගැන අනාවරණයක්

Editor O

Leave a Comment