දේශීය

දිවයිනේ සියලුම බන්ධනාගාරවල PCR පරීක්ෂණ

(UTV | කොළඹ) – දිවයිනේ සියලුම බන්ධනාගාරවල PCR පරීක්ෂණ සිදුකිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය උපදෙස් ලබාදී තිබේ.

රට තුළ පවතින වාතාවරණය අනුව බන්ධනාගාර තුළට කොවිඩ් 19 වෛරසය ඇතුළුවීම වැළැක්වීමත්, බන්ධනාගාරතුළ පැතිරීම වැළැක්වීම සදහාත් අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරිය අදාළ බළධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

බන්ධනාගාර තුළ රැඳවියන්ට මෙන්ම නිලධාරීන්ට ද අහඹු ලෙස PCR පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙසත් ඉදිරියේදී ඇතිවන ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සදහා අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙසත් ඇමතිවරිය විසින් උපදෙස් ලබාදී ඇති අතර, මේ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවද ඇය සඳහන් කරයි.

මේ වන විට ලංකාවේ සියලුම බන්ධනාගාර භාහිර පුදගලයින්ට ඇතුළුවීම නවතා ඇති අතර බන්ධනාගාරතුළට වෛරසය පැතිරීමට ඇති සියලුම අවස්ථා අවහිර කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබෙනවා.

Related posts

දූෂණ-වංචා කළ අයට නීතිය ක්‍රියාත්මක කරනවා – විපක්ෂ නායක

Editor O

අමාත්‍යංශවල විෂය පථ නම් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

පාකිස්තානයට ලකුණු 402ක ඉලක්කයක්

Mohamed Dilsad

Leave a Comment