දේශීය

අදත් වැසි ඇති වන බවට අනාවැකි

(UTV |කොළඹ) – දිවයිනේ ඇතැම් ස්ථානවලට අද(13) දිනයේ මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් මහනුවර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්තාන්වලටත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැක.

දිවයින හරහා විශේෂයෙන්ම උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී 50-60 පමණ තද සුළං ඇති වේ.

Related posts

මෙරට කොවිඩ් මරණ ගැන අනාවරණයක්

Mohamed Dilsad

ගෝඨාභය රටින් පිටවෙයි

Mohamed Dilsad

අභ්‍යාසලාභී කාන්තා නිලධාරිනියන්ගේ ප්‍රසුත නිවාඩු කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment