දේශීය

රියාජ් බදියුදීන්ගෙන් ජනපතිට ලිපියක්

(UTV| කොළඹ) – හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

අදාළ ලිපියෙහි උපුටා දක්වා ඇත්තේ ඇතැම් පිරිස් දේශපාලන වාසි ගැනීම වෙනුවෙන් තමන් නැවත අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් සිටින බවයි.

ජනපතිතුමා වෙත ලබාදුන් ලිපියෙහි සිංහල පරිවර්තනය පහතින් ,

 

2020.10.12

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ

අතිගරු ජනාධිපතිගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,

ජනාධිපති ලේකම් කාර්යාලය,

කොළඹ – 01.

අතිගරු ජනාධිපතිතුමනි,

ඇතැම් දේශපාලන ක්‍රියාකාරීන් විසින් පදනම් විරහිතව මා ත්‍රස්තවාදියෙකු ලෙස ප්‍රකාශකිරීම සහ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මා නැවත අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් සිටී.නමුත්නීතිවිරෝධී ක්‍රියාවකට මාසම්බන්ධ බවට එල්ල වී ඇති චෝදනා රහස් පොලිසිය විසින් දැඩි ලෙස විමර්ශනය කර ඇති අතර එම ප්‍රකාශ කිසිදු පදනමක් නොමැති ඒවා බවසොයාගෙන ඇති බව අතිගරු ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි. මේ අවස්ථාවේ යළි ජාතිවාදී ගැටුම් සහදේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වනරජයේ සහ විපක්ෂයේ ඇතැම් පාර්ශ්වයන් විසින් කරනු ලබන මෙවැනි අසත්‍ය චෝදනා අතිගරු ජනාධිපතිතුමා විසින්පිළිනොගනුඇතැයි මා විශ්වාස කරමි.

මම හිටපු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ්බදියුදීන්මහතාගේසහෝදරයෙක්මි.පසුගිය2020 අප්‍රේල් 14 වන දිනඅපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් පුත්තලම ප්‍රදේශයේ පිහිටි මගේ නිවසේදී මා අත්අඩංගුවට ගනු ලැබුවේ ඉන්ෂාෆ් අහමඩ් සමඟ දුරකථන සංවාදවල යෙදී ඇති බවට වූ චෝදනාව මත බවඔබතුමා දැනුවත් බව මාගේ විශ්වාසයයි. ඉන් පසුවමාස පහහමාරකට ආසන්න කාලයක් මා එහි රඳවාගෙන සිටි අතර එහිදී රහස් පොලිසිය විසින් මා සම්බන්ධයෙන් දැඩි විමර්ශනයක්කරන ලදී. එම විමර්ශනවලදී කොළඹ පිහිටි මගේ නිවස, පුත්තලම ප්‍රදේශයේ පිහිටි මගේ බිරිඳගේ දෙමව්පියන්ට අයත් නිවස, තවත් ප්‍රදේශ කිහිපයක මගේ මිතුරන්ගේ නිවාස සහ මන්නාරමේ මගේ ඥාතීන්ගේ නිවාස සොයා බැලීය. ඔවුන් මගේ බැංකු ගිණුම් සහ මගේ ව්‍යාපාර ගනුදෙනු ද දැඩි පරීක්ෂාවට ලක් කර තිබිණි. මගේ ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණකය රහස් පොලිසිය භාරයටගෙන හොඳින් පරීක්ෂා කර බැලීය. පෞද්ගලික හා ව්‍යාපාරික යන දෙඅංශයේම මාගේ සියලුම දුරකථන සංවාදයන් ද තරයේ විමර්ශනය කරකිසිදු ත්‍රස්ත ක්‍රියාකාරකමක් සමඟ මා සම්බන්ධ බවට කිසිදු තොරතුරක් හෝ සාක්‍ෂියක් නොමැති බවට රහස් පොලිසිය විසින් නිගමනය කර තිබිණි.

එකල, ඉන්ෂාෆ්අහමඩ් සමඟ මා සම්බන්ධතා පවත්වාතිබුණේ ඔහුගේ පියා වන මොහොමඩ් ඊබ්‍රාහිම්එම අවස්ථාවේ මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු සහ කොළඹ වෙළෙඳ සංගමයේ සභාපතිවරයා වූ බැවිනි. එසේම ඉන්ෂාෆ් අහමඩ් යන අයව මා දැන හඳුනා ගැනීමට ස්වාභාවික කරුණ වුයේ ඔහුමන්නාරමේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන එස්.කේ.පී. අලව්දීන්ගේ දියණියක සමඟ ඔහු විවාහ වී සිටිනිසාය.මගේ නිර්දෝෂීභාවය පිළිබඳව සෑහීමකට පත්වීමෙන් පසුව, රහස් පොලිසිය විසින් 2019.09.29 දින මාව අත්අඩංගුවෙන් නිදහස් කළේය.

මහේස්ත්‍රාත්වරයා හමුවේ මා ඉදිරිපත් නොකොට රහස් පොලිසිය මාව අත්අඩංගුවෙන් නිදහස් කළ බවට ඇතුම් පාර්ශව චෝදනා කළද එහි කිසිදු සත්‍යතාවයක්නොමැත.මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝගකර තිබුණේ අත්අඩංගුවේ පසුවන පුද්ගලයින් රඳවා තබා ගැනීමට හෝ වරෙන්තු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බවට තහවුරුවූ පසු රහස් පොලිසියට තමන්නිදහස් කළ හැකි බවය. ඒ අනුව මහේස්ත්‍රාත්වරයාගේ එම තීන්දුවේ පිටපතක් ද ඔබතුමාගේඅවධානය සඳහා X ලෙස සලකුණු කර මේ සමග ඉදිරිපත් කරමි.

කෙසේ වෙතත්, දේශපාලන හා ජාතිවාදී ගැටුම් ඇති කරන ඇතැම් පුද්ගලයින්, මා සම්බන්ධයෙන් රහස් පොලිසිය කටයුතු කළ ආකාරය සැක සහිත බවහැඟවීමටත්, කිසිදු පදනමක් නොමැතිව මා ත්‍රස්තවාදියෙකු ලෙස හඳුන්වමින් මා හට නින්දා කිරීමටත් උත්සාහ කරයි. එවැනිම වූමත දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු රහස් පොලිසියේ ක්‍රියාකලාපය අසාධාරණ ලෙස අභියෝගයට ලක් කරමින් මා නැවත අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ඔබතුමා වෙත ලිපියක් යොමු කර ඇති බව මාහට දැනගන්නට ලැබිණි.

මෙම තත්වය තුළමා හා සමාන චෝදනාවක් මත එකම දිනයක අත්අඩංගුවට ගත් පුද්ගලයින් හත් දෙනාගෙන් සිව්දෙනෙකු මා නිදහස් කිරීමට පෙරනිදහස් කර ඇති බවඅතිගරු ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි. ඒ අතර සිටි පුද්ගලයින්ගෙන්, මුබීන් මහතා සහ අමානුල්ලා මහතා අධිකරණයේ කිසිදු මැදිහත්වීමකින් තොරව නිදහස් කරන ලද අතර, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින්හුදෙක්ම මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයට අනුව කටයුතුකළ ආකාරයපැහැදිලි කිරීමට ඒ සම්බන්ධ තොරතුරුද මෙහි අමුණා ඇත. ඇතුම් පාර්ශව මා නැවත අත්අඩංගුවට ගන්නා ලෙස කරනඉල්ලීම් දේශපාලන හා ජාතිවාදී හේතූන් මත සකස් කර ඇති බව නිහතමානීව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. එවැනි පදනම් විරහිත ප්‍රකාශ වලින්අතිගරු ජනාධිපතිතුමාහට බලපෑම් කළ නොහැකි බව මාගේ විශ්වාසයි.

ස්තූතියි,

මෙයට – විශ්වාසී,

බදියුදීන් මොහොමඩ් රියාජ්

Related posts

සහල් මිල පාලනයට කැබිනට්ටුව ගත් තීරණය

Mohamed Dilsad

මැනිං තොග වෙළඳපොල විවෘත කිරීම කල් දැමේ

Mohamed Dilsad

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගෙන් පැය 3 ක ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment