දේශීය

රිශාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ඉල්ලීම ප්‍රතික්ෂේපයි

(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය රිශාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කල වරෙන්තු ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

පසුගිය ජනාධිපතිවරණයේදී පුත්තලමේ සිට මන්නාරම දක්වා ශ්‍රී ලංගම බස් රථවලින් අවතැන් ඡන්දදායකයින් ප්‍රවාහනය කිරීම තුළින් මහජන දේපළ සාපරාධී ලෙස අවභාවිතා කිරීම සහ මැතිවරණ නීති උල්ලංගණය කිරීම යන චෝදනා යටතේ මොහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස නීතිපතිවරයා උපදෙස් ලබාදුන්නේය.

 

Related posts

IOC සමාගමෙනුත් අද සිට ඉන්ධන සීමා

Mohamed Dilsad

මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට පාර්ලිමේන්තුවේ වාරණයක්

Editor O

නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් කොළඹට

Mohamed Dilsad

Leave a Comment