දේශීය

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයනික බදු ඉවත් කරයි

(UTV |කොළඹ) – අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයනික බදු ඉවත් කිරීමට රජය තීරණය කරයි.

මේ අනුව පරිප්පු, ටින් මාළු, බී ලූණු සහ සීනි යන භාණ්ඩවල ආනයනික බදු ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් නාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ බදු ඉවත් කිරීම හේතුවෙන් අද රාත්‍රියේ සිට ලොකු ටින් මාළු එකක් රුපියල් 200කට, බී ලූණු කිලෝව රුපියල් 100කට සහ සීනි කිලෝව රුපියල් 85කට මිලට ගැනීමට හැකිවනු ඇති බවයි.

මෙම අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළුව රුපියල් 500කට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ සතොසෙන් මිලදී ගන්නා විට පරිප්පු කිලෝව රුපියල් 150කට මිලට ගැනීමට විධිවිධාන සලසා ඇත.

Related posts

රවී ඇතුළු සිව්දෙනාගේ රිට් ආඥා පෙත්සම් හෙට කැඳවීමට නියෝග

Mohamed Dilsad

කච්චතිව් දූපත ඉන්දියාවට පවරාගැනීමට තමිල්නාඩුවේ යෝජනාවක් සම්මතයි.

Editor O

ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ දප්පුල ද ලිවේරා අද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට

Mohamed Dilsad

Leave a Comment