ගොසිප්

නුගේගොඩ රත්මලාන ඇතුළු ප්‍රදේශ කීපයකින්ම කොරෝනා රෝගීන් වාර්තා වෙයි

(UTV | කොවිඩ් 19) – ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 194 දෙනා ගෙන් 80 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වූ බවත් සෙසු 114 දෙනා විවිධ ප්‍රදේශ වලින් හමුවූ බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මෙලෙස වාර්තා වූ ආසාදිතයින් අතුරින් බහුතරයක් දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලින් හමුවී ඇත.

ඇඳිරි නීතිය පනවා නොමැති හොරණ, අනුරාධපුර, රාගම, ගනේමුල්ල, රත්නපුර, කළුතර, සීදුව, කැලණිය, කොළඹ, කුරුණෑගල, පොළොන්නරුව, මීගමුව, රත්මලාන, නුගේගොඩ, කඩව සහ හැටන් කියන ප්‍රදේශ වලින් වෛරසය ආසාදිතවූ පුද්ගලයින් වාර්තා වී ඇත.

මෙලෙස වාර්තා වන්නේ මෙම පුද්ගලයින්ගේ PCR පරීක්ෂණ කිරීමේදී ඔවුන් ලබාදී තිබෙන ලිපිනයන් අනුවයි.

 

Related posts

තවදුරටත් අර්බුද උග්‍ර කර නොගන්නා ලෙසට ෆොන්සේකාගෙන් ජනපතිට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

මීළඟ ජනපතිවරණයට ඉදිරිපත් නොවන බව ජනපති කියයි

Mohamed Dilsad

විමල්ට එරෙහිව CID යෙන් පුළුල් විමර්ශණයක් ඇරඹීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment