දේශීය

අද දවසේ කාලගුණ තත්ත්වය

(UTV |කොළඹ) – බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව උතුර සහ නැගෙනහිර පළාත්වලත්, අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30ත් 40ත් පමණ විය හැකි බව සඳහන් කරයි.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින්විට රළුවිය හැකිය. දිවයිනවටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින්විට තරමක් රළු වනු ඇත.

Related posts

නව ආසාදිතයින් 224ක්

Mohamed Dilsad

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට, ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම්දීමක්

Editor O

සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් මිලියන 50 ක් වටිනා ගිලන් රථ දෙකක්

Mohamed Dilsad

Leave a Comment