දේශීය

කොරෝනා නිසා රිජ්වේ ආර්යා ළමා රෝහල සහ මහරගම පිළිකා රෝහලෙන් දැනුම් දීමක්

(UTV |කොළඹ) – රට තුළ පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් රෝගීන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම සීමාකර ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහල සහ මහරගම පිළිකා රෝහල නිවේදනය කරයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ සහ මහරගම පිළිකා රෝහලේ සියලුම රෝගී සත්කාරක සේවාවන් සඳහා විවෘතව පැවතිය ද රෝගීන් බැලීම සඳහා අමුත්තන් පැමිණීමේ වේලාවල් සීමා කිරීමට පියවර ගෙන තිබේ.

රෝගීන් බැලීම සඳහා දිනකට එක්වරක් පමණක් පැමිණෙන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කරයි.

වෙනදා මෙන් පැයක පමණ කාලයක් රෝගියා සමග රැඳී නොසිටින ලෙසද ඉල්ලීමක් කරයි.

අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා සඳහන් කළේ රෝහල් සායනවල පිරිස් අඩු කිරීම සඳහා මේ වනවිට පියවර ගෙන ඇති බවය.

රෝහලේ ප්‍රතිකාර ගන්නා රෝගීන් බැලීමට දිනක් තුළ එක් අමුත්තෙකුට පමණක් පැමිණීමට අවස්ථාව දී ඇති බවත් රෝගියාට ලබාදෙන ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම නවතා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

ඉන්ධන කෝටාව වැඩිකිරීමට පෙර නියාමනයක්

Mohamed Dilsad

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන කල් තැබීමේ විවාදයක්

Mohamed Dilsad

හලාවත ගම්මාන 5කට සංචණර සීමා

Mohamed Dilsad

Leave a Comment