ක්‍රීඩා

LPL සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීම අද පස්වරුවේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන විස්සයි -20 ක්‍රිකට් තරගාවලිය හෙවත් ‘ලංකා ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයින් තෝරා ගැනීම (Player draft) අද (19) දිනයේ දී සිදුකිරීමට නියමිතව ඇත.

අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත මෙම ක්‍රීඩකයන් තෝරා ගැනීම ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.00 ට ආරම්භ කිරීමට නියමිතය.

270 දෙනෙකුගෙන් සමන්විත විදෙස් ක්‍රීඩකයින්ට අමතරව දේශීය ක්‍රීඩකයින් 165 කු අද දිනයේ දිනයේ පැවැත්වෙන ක්‍රීඩක තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කර සිටියි.

එම ලැයිස්තුවට අමතරව බහුතරයක් නැගී එන සංචිතය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් ඇතුළත් 50 කට ආසන්න සංඛ්‍යාවක් අතිරේක ක්‍රීඩක ලැයිස්තුවකට නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

මෙම ක්‍රීඩකයින් තෝරා ගැනීම ඒ ඒ කණ්ඩායම් අයිතිකරුවන්, පුහුණුකරුවන් හෝ කණ්ඩායම්හි හිමිකාරීත්වය විසින් නම් කරන ලද පිරිසක් විසින් සිදුකරන අතර, කුසපත් ඇදීමකින් අනතුරුව ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව ඔවුනට හිමිවනු ඇත.

එහිදී තම කණ්ඩායමට අයත් ක්‍රීඩකයකු තෝරා ගැනීම සඳහා එම කණ්ඩායම් හිමිකාරීත්වයන්ට මිනිත්තු 2 ක පමණ කාලයක් හිමි වන අතර කණ්ඩායමට අයත් ක්‍රීඩකයින් 16 දෙනා තෝරා ගැනීම සඳහා එවැනි වට 16 ක් පැවැත්වෙනු ඇත.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන නොවැම්බර් මස 21 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා වූ කාල සීමාවේදී පල්ලකැලේ සහ හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත. කොළඹ, මහනුවර, දඹුල්ල, ගාල්ල සහ යාපනය යන නගර මුල් කරගනිමින් කණ්ඩායම් 5 ක් මෙම තරගාවලිය නියෝජනය කරනු ලබන අතර දින 15 ක කාලයක් පුරා විහිදෙන තරගාවලිය අවසන් මහ තරගයද ඇතුළුව සමස්ථ තරග 23 කින් සමන්විත වනු ඇත.

 

 

 

 

 

Related posts

වැරදි තිබුනොත් තේරීම් කමිටුව ඉවත් කරනවා – ක්‍රීඩා ඇමති

Mohamed Dilsad

නවසීලන්තය – ඉන්දියාව අතර ක්‍රිකට් තරඟාවලිය අදයි

Mohamed Dilsad

මෙරට ක්‍රිකට් අතීතය යළි සිහි කරවූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්

Mohamed Dilsad

Leave a Comment