දේශීය

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරට සංචාරයක

(UTV |කොළඹ) – ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මේ මස 28 වන දා මෙරට සංචාරයක නිරත වීමට නියමිතය.

විදේශ කටයුතු අමාත්‍යාංශය අද නිවෙදනය් කළේ ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ද්වි පාර්ශවික සබඳතා තර කර ගැනීමේ අරමුණින්  ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරට සංචාරය කරන බවයි.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවන ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ලබන 28 වන දා විදේශ අමාත්‍යාංශයේදී මෙරට මාධ්‍ය ඇමතීමට නියමිත බවද වාර්තා වේ.

ඒ අනුව ඊට සහභාගි වන මාධ්‍යවේදීන්ද PCR පරීක්ෂණයකට ලක් කෙරෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

හිජාස් හිස්බුල්ලා සිරගතකර තැබීම සම්බන්ධයෙන් යුරෝපීය මානව හිමිකම් තානාපතිවරු අට දෙනෙකුගේ දැඩි කණස්සල්ල

Mohamed Dilsad

යුධ හමුදාවෙන් කරන විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

දරුවන්ට සිදුවන අපයෝජනයන්ට එරෙහිව ළමා අධිකාරිය නීති දැඩි කරයි

Mohamed Dilsad

Leave a Comment