දේශීය

දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

(UTV |කොළඹ) –  අද (21) දිනයේ සිට නගරාන්තර දුම්රිය ගමන්වාර කිහිපයක් අත්හිටුවීමටපියවර ගෙන තිබේ.

පසුගිය දින වල සිට පවතින අඩු මගී ඉල්ලුම හේතුවෙන් බව දුම්රිය ගමනාගමන අධිකාරී රංජිත් පද්මලාල් මහතා සඳහන් කළේය.

රට තුළ පවතින කොරෝනා අවදානම හේතුවෙන් නගරාන්තර දුම්රියවල දෛනිකව ගමන් කරන මගීන් ප්‍රමාණය විශාල ලෙස අඩු වී තිබේ.

මේ හේතුවෙන් නගරාන්තර දුම්රිය කිහිපයක් ගමන්වාර අවලංගු කර ඇති අතර තවත් කිහිපයක ගමන්වාර සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව රංජිත් පද්මලාල් මහතා සඳහන් කළේය.

මේ අනුව පොළොන්නරුව යන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය, බෙලිඅත්ත දක්ෂිණ සීඝ්‍රගාමී දුම්රිය, කන්කසන්තුරේ උදේ 5.45ට සහ 11.50ට යන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය සහ මහනුවර යන උදේ සහ සවස යන සීඝ්‍රගාමී දුම්රියන් අවලංගු කර ඇත .

Related posts

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහය සජිත්ගේ පක්ෂයට

Mohamed Dilsad

රැජිනගේ අභාවය ගැන ජනපතිගේ ශෝකය

Mohamed Dilsad

පුල්මුඩේ මාරක ගැටුමක් – 2ක් මරුට

Mohamed Dilsad

Leave a Comment